Fresh news on business and economy in Asia and the Pacific

Provided by AGP

'PJC Bridge' ජපන් භාෂා විභාගය රටවල් 15 දක්වා විස්තාරය – විදේශීය සිසුන් වැඩිවීමත් සමඟ භාෂා සහතික අවස්ථා පුළුල් වෙයි

"Certify Inc." විසින් "PJC Bridge" විභාගය රටවල් 15ක් දක්වා විස්තාර කළ බව නිවේදනය කරයි. ජපන් භාෂා සහතික අවස්ථා පුළුල් කිරීම අරමුණයි

CHIYODA-KU, TOKYO, JAPAN, May 5, 2026 /EINPresswire.com/ -- "Certify Inc." (ප්‍රධාන කාර්යාලය: Chuo City, Tokyo, කළමනාකාර අධ්‍යක්ෂ: Shigeru Takizawa) ආයතනය විසින් පවත්වනු ලබන "Practical Japanese Communication Test Bridge" (PJC Bridge) විභාගය පවත්වනු ලබන රටවල් සංඛ්‍යාව මේ වන විට රටවල් 15ක් දක්වා ව්‍යාප්ත කර ඇති බව එම ආයතනය නිවේදනය කර සිටියි.

"Practical Japanese Communication Test Bridge" (PJC Bridge) විභාගය ජපන් භාෂාව මව් භාෂාව නොවන පුද්ගලයන් ඉලක්ක කරගත් ජපන් භාෂා නිපුණතා විභාගයක් වන අතර, එමඟින් CEFR A1–B1 මට්ටමට (JLPT N5–N3 මට්ටමට) සමාන ජපන් භාෂා හැකියාවක් මැන බලනු ලබයි.

මෙම විභාගය, ජපානය තුළ ඇති ජපන් භාෂා අධ්‍යාපන ආයතනයකට අධ්‍යාපනය සඳහා ඇතුළත් වීමේදී අවශ්‍ය වන A1 මට්ටමට සමාන ජපන් භාෂා නිපුණතාවය සහතික කිරීමේ සුදුසුකමක් ලෙස, ජපානයේ ආගමන විගමන හා විදේශික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (Immigration Services Agency of Japan) විසින් පිළිගනු ලබයි.

【ජපානයේ ආගමන විගමන හා විදේශික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (Immigration Services Agency of Japan) වෙබ් අඩවිය】
(ජපන් භාෂා අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වීමට සලකා බලන අයට)
https://www.moj.go.jp/isa/applications/resources/nyuukokukanri07_00159.html

දැනට, PJC Bridge විභාගය ප්‍රධාන වශයෙන් ආසියානු කලාපය කේන්ද්‍ර කරගනිමින් රටවල් 15ක පවත්වනු ලබන අතර, විශේෂයෙන් China, Nepal සහ Pakistan වැනි රටවල විභාගයට පෙනී සිටින්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. ඉදිරියේදීද මෙම විභාගය පවත්වනු ලබන ප්‍රදේශ තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, ජපන් භාෂාව හදාරන්නන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමටත් බලාපොරොත්තු වේ.

【ජපන් භාෂා අධ්‍යාපන ආයතනවලට විභාග මධ්‍යස්ථාන ලෙස මෙම විභාගය පැවැත්වීමට හැකියාව ඇත】
PJC Bridge යනු පරිගණක ආශ්‍රිත පරීක්ෂණ (CBT, Computer Based Testing) ක්‍රමවේදයක් වන අතර, ජපන් භාෂා අධ්‍යාපන ආයතනවලට විභාග මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමේ හැකියාව පවතී. ඒ සඳහා අදාළ අනුමැතිය ලබා ගැනීමෙන් පසු, එම ආයතනවලට තමන්ට පහසු ඕනෑම දිනයක සහ වේලාවක විභාගය පැවැත්විය හැකිය. මෙමඟින් ජපන් භාෂාව හදාරන්නන්ට විභාගයට පෙනී සිටීමට ඇති අවස්ථාවන් පුළුල් වන අතර, ජපානයේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වන භාෂා නිපුණතා සහතික වඩාත් නම්‍යශීලීව ලබා ගැනීමට ඉඩ සැලසේ.

【විභාග ප්‍රතිඵල සතියකින් පමණ දැනුම් දෙනු ලැබේ】
PJC Bridge විභාගයේ ප්‍රතිඵල, විභාගය පැවැත්වූ දිනයේ සිට දින 7ත් 10ත් අතර කාලයක් තුළ දැනුම් දෙනු ලැබේ.
විභාගයෙන් සමත් වන අයට ඔවුන්ගේ ජපන් භාෂා නිපුණතාවය තහවුරු කරන සහතික පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
මෙලෙස කඩිනමින් ප්‍රතිඵල ලබා දීම හරහා, ජපානයේ අධ්‍යාපනය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලිවල කටයුතු සහ අදාළ ක්‍රියාවලීන් වඩාත් සුමටව කරගෙන යාමට හැකියාව ලැබේ.

【ජපන් භාෂා අධ්‍යාපන ආයතන සඳහා ඇති වාසි】
PJC Bridge විභාග මධ්‍යස්ථානයක් බවට පත්වීම හරහා, අධ්‍යාපන ආයතන වෙත පහත සඳහන් ප්‍රතිලාභ හිමි වේ
• තමන්ගේම ආයතනය තුළ ජපන් භාෂා නිපුණතා විභාගයකට පෙනී සිටීමේ අවස්ථාව ලබා දීමට හැකි වීම
• ජපානයේ ඉගෙනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ජපන් භාෂා සුදුසුකම් ලබා ගැනීමට සහාය වීමට හැකි වීම
• CBT ක්‍රමය හරහා නම්‍යශීලී කාලසටහනකට අනුව විභාගය පැවැත්වීමට හැකි වීම.
• විභාග ප්‍රතිඵල සතියකින් පමණ දැනුම් දෙනු ලැබීම


【සමාජීය පසුබිම සහ අනාගත අපේක්ෂාවන්】
මෑතකාලීනව, ජපානය තුළ විදේශීය සිසුන් සහ විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීම පුළුල් වීමත් සමඟ, ජපන් භාෂා නිපුණතාවය විෂයමූලිකව තහවුරු කළ හැකි විභාගවල වැදගත්කම ඉහළ ගොස් ඇත.
PJC Bridge විභාගය, ආරම්භක මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා ජපන් භාෂා ප්‍රායෝගික භාවිත හැකියාව මැනිය හැකි විභාගයක් ලෙස, ජපන් භාෂා අධ්‍යාපන ආයතන සහ හදාරන්නන් යන දෙපාර්ශවයේම අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරයි. එමෙන්ම, ජපන් භාෂා අධ්‍යාපනික පදනම ශක්තිමත් කිරීමටත්, සුමට අධ්‍යාපන හා රැකියා පරිසරයක් සකස් කිරීමටත් දායක වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

【ජපන් භාෂා අධ්‍යාපන ආයතන වෙත කෙරෙන දැනුම් දීම】
Certify Inc. ආයතනය විසින් ජපන් භාෂා අධ්‍යාපන ආයතන වෙනුවෙන් PJC Bridge විභාග මධ්‍යස්ථානයක් ලෙස ලියාපදිංචි වීම සහ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ලබා දෙනු ලබයි.
ජපන් භාෂා අධ්‍යාපන ආයතන සඳහා වන නිල වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා ගැනීමට හෝ විභාග මධ්‍යස්ථානයක් ලෙස ලියාපදිංචි වීම පිළිබඳ විමසීම් කිරීමට හැකියාව ඇත.

【ජපන් භාෂා අධ්‍යාපන ආයතන සඳහා වන නිල වෙබ් අඩවිය "Practical Japanese Communication Test Bridge" (PJC Bridge) 】
https://www.sikaku.gr.jp/c/pjc/education-partners/en/

【ආයතන තොරතුරු】
ආයතනයේ නම:Certify Inc.
ව්‍යාපාරික ක්ෂේත්‍රය:
වෘත්තීය නිපුණතා සහ කුසලතා පිළිබඳ සහතික පත්‍ර විභාග සැලසුම් කිරීම සහ පැවැත්වීම, විභාග සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් සහ ප්‍රශ්න පත්‍ර කට්ටල නිපදවීම සහ අලෙවි කිරීම, "Smart Nyushi®️" (Smart Entrance Exam®) නැමැති මාර්ගගත (Online) විභාග සේවාව නිර්මාණය කිරීම සහ ලබා දීම.
ස්ථාපිත කළ දිනය:2001 ජූනි
ස්ථානය: Kayabacho Ekimae Building, Nihonbashi Kayabacho 2-11-8, Chuo City, Tokyo, Japan
නියෝජිතයා: කළමනාකාර අධ්‍යක්ෂ Shigeru Takizawa
URL    :https://sikaku.gr.jp/

Kobayashi Yuki
Certify Inc.
120031749398
info@certify.jp

Legal Disclaimer:

EIN Presswire provides this news content "as is" without warranty of any kind. We do not accept any responsibility or liability for the accuracy, content, images, videos, licenses, completeness, legality, or reliability of the information contained in this article. If you have any complaints or copyright issues related to this article, kindly contact the author above.

Share us

on your social networks:

Sign up for:

Asia Business Gazette

The daily local news briefing you can trust. Every day. Subscribe now.

By signing up, you agree to our Terms & Conditions.